අපගේ දැක්ම

"තිරසර හෙටකට - ගෙනයමු දෙල්තොට"

අපගේ මෙහෙවර

සම්පත් උපරිම උපයෝජනය තුළින් සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් ජන ජීවිතයේ අරමුණු සාක්ෂාත් කරනු වස් අඛණ්ඩ කැපවීම.
 

දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය

දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කරන ලද්දේ 1999 මාර්තු මස 12 වන දිනදීය. එවකට මෙහි ආරම්භක කාර්ය මණ්ඩලය ලෙස ලිපිකරුවන් දෙදෙනෙකු සහ කාර්යාල සේවක සේවයේ එක් නිළධාරියෙක් ද ශ්‍රී.ලං.තා.සේවයේ කාර්මික නිළධාරියෙකු ද විය. මෙම කාර්යාලයේ පළමු ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස ඕ.ජී.ඩබ්.මකුළුදෙණිය මහත්මිය කටයුතු කරන ලදී.
 
මුලින් පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ව තිබූ ග්‍රාම නිළධාරි වසම් 29ක් දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට වෙන් කරන ලදී. එම ග්‍රාම නිළධාරි වසම් 29 ම මෙතෙක් මෙම කොට්ඨාශයට අයත්ව පවතී.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවත්වාගෙන යාම සදහා ඉදි කරන ලද, දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටි නව ගොඩනැගිල්ල වෙත 2002 වසරේ ඔක්තෝම්බර් මස 07 වන දින කාර්යාලය ගෙන එන ලදී. ආරම්භක අවස්ථාවේදී කාර්ය මණ්ඩලය ප්‍රාදේශීය ලේකම්වරිය ද සමග 05 දෙනෙක් වූ අතර, වැටුප් හා සේවක සංඛ්‍යා කමිටුවේ අංක 1227 හා 1998.12.21 දිනැති වාර්තාවෙන් මෙම කාර්යාලයේ අනුමත කාර්ය මණ්ඩලය ලෙස ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, ගණකාධිකාරී, පරිපාලන නිළධාරි, මුදල් සහකාර, සමාජ සේවා නිළධාරි, ග්‍රාම සංවර්ධන නිළධාරි, සංස්කෘතික නිළධාරි, ක්‍රීඩා නිළධාරි, ඉඩම් නිළධාරි(ජනපද නිළධාරි), කාර්මික නිළධාරි, තරුණ සේවා නිළධාරි, සරප්, පොත් තබන්නා, ලගු ලේඛක තනතුරු 01 බැගින්ද, යතුරු ලේඛක තනතුරු 02 ක්ද, සාමාන්‍ය ලිපිකරු සේවයේ තනතුරු 12 ක්ද, මුරකරු තනතුරක් සහ කාර්යාල සේවක සේවයේ තනතුරු 05 ක්ද පත් කරන ලදී. 2000 වර්ෂයේ දී පළමුවෙන් මෙම කාර්යාලයට සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙකු පත් කළ අතර, ශ්‍රී.ලං.ප.සේ. II/II නිළධාරි එම්.ඩී.එම්.සමරක්කොඩි මහතා මෙම කාර්යාලයේ ප්‍රථම සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා විය.

මෙම කාර්යාලය ආරම්භක අවස්ථාවේ පටන් මෙම කාර්යාලයේ ගණකාධිකාරී තනතුරේ රාජකාරී ආවරණය කරනු ලැබූයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරීවරයා විසිනි. මෙම කාර්යාලයට ස්ථීර ගණකාධිකාරීවරයෙකු පත් කරන ලද්දේ 2005 වර්ෂයේදීය. රජයේ ප්‍රතිපත්ති මත 2005 වර්ෂයේදී උපාධිධාරීන් වෙත ලබා දුන් පත්වීම් මගින් මෙම කාර්යාලයට ද විවිධ අමාත්‍යංශ දෙපාර්තමේන්තු යටතේ නිළධාරීන් රැසක් පත් විය.

මෙම කාර්යාලයට අයත් නිළ නිවාස නොවූ අතර, 2007 වර්ෂයේදී ප්‍රාදේශීය ලේකම් නිළ නිවසක් සහ ගණකාධිකාරී නිළ නිවසක් ඉදි කරන ලදී. ප්‍රාදේශීය ලේකම්වරුන් 04 දෙනෙකු යටතේ,ආරම්භයේ පටන් විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් විවිධ අංශයන්හි කීර්තියක් ලබමින් නිළධාරීන් රැසකගේ සේවා දායකත්වයෙන් කාර්යාලය වත්මන් තත්වයට පත් වී ඇත

ප්‍රවේශ මාර්ග

මහනුවර සිට - මහනුවර සිට ගලහ මාර්ගයේ ගලහ සිට කිලෝ මීටර් 06 ක් පැමිණි පසු දෙල්තොට නගරය හමු වේ. දෙල්තොට - බෝපිටිය පාරේ පොදු වෙළදපොළ අසලින් ඇති මාර්ගයේ මීටර් 100 ක් දුරින් දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත.

මහනුවර සිට - මහනුවර සිට මාරස්සන මාර්ගයේ, තලාතුඔය, මාරස්සන, කන්ද හන්දියෙන් කොළබිස්ස මාර්ගයෙන් මාවුස්සාව හරහා දෙල්තොට දක්වා පැමිණ දෙල්තොට නගරයේ පොදු වෙළදපොළ අසලින් ඇති මාර්ගයේ මීටර් 100 ක් දුරින් දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත.

News & Events

09
මාර්2026
තෛපොංගල් උත්සවය (2026)

තෛපොංගල් උත්සවය (2026)

තෛපොංගල් උත්සවය දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්...

09
මාර්2026
2026  නව වසර ආරම්භය..!

2026 නව වසර ආරම්භය..!

2026  නව වසර ආරම්භය..! දෙල්තොට සහකාර ප්‍රාදේශීය...

Scroll To Top