දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජීවත් වන ඔබට මෙම COVID-19 වෛරසය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදුකර ගැනීමට අවශ්‍ය වූ යම් කටයුත්තක් අතපසු වී ඇත්ද...?

ඔබට යම් ගැටළුවක් වේද...?

පවතින තත්ත්වය යටතේ ඔබේ ගැටළු ඉදිරිපත් කිරීම සඳහා මාර්ගගත පෝරමයක් මගින් දැන් පහසුකම් සලසා ඇත. කරුණාකර ඔබේ ගැටළුව අප වෙත ඉදිරිපත් කරන්න.හැකි විගසින් ඔබේ ගැටළුව සඳහා මැදිහත් වීමට අප සූදානම්!

පිවිසෙන්න - https://tinyurl.com/yb6gzy72

ශ්‍රී ලංකාව තුලින් සැලකිය යුතු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇති නිසා මෙම රෝග තත්වය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීම වලක්වනු පිණිස කටයුතු කිරීම සියළුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතන වල මෙන්ම මහජනතාවගේද වගකීම වේ.


මෙම රෝග තත්වය පිළිබඳ කාලීන තොරතුරු අවශ්‍ය වේ නම්

වැඩිදුර තොරතුරු සඳහා,

ස්වදේශ කටයුතු චක්‍රලේඛය 10/2020
නව කොරෝනා වයිරස් පිළිබඳ නිති අසන ප්‍රශ්න

artwork 3

2019 වර්ෂය සඳහා දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද “ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල” 2019/09/26 වන දින කරගස්කඩ මධ්‍ය මහා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබිණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ප්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුර මහතා සහභාගී වූ අතර, එතුමා විසින් සාහිත්‍ය පිළිබඳ විශිෂ්ඨ දේශනයක් සිසු දරු දැරියන් උදෙසා පවත්වන ලදී.

පාසල් දරුවන් විසින් ඉදිරිපත් කරන ලද විවිධ සංස්කෘතික අංගයන්ගෙන් කළඑලි ගැන්වුණු මෙම උත්සවයේදී දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් 2019 වර්ෂය සඳහා සංවිධානය කෙරුණු සාහිත්‍ය තරඟ වලදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ දරු දැරියන්ට සහ විවෘත අංශයෙන් ජයග්‍රහණ ලබාගත් මහත්ම මහත්මීන් වෙත ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රමුඛ ආරාධිත අමුත්තන් විසින් ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.උත්සවයේ විශේෂ අවස්ථා

→උත්සවයේ විශේෂ අවස්ථා←

“සුමිතුරු දැයකින් දිනවමු දරුවන්” තේමාව කොට ගනිමින් 2019 වර්ෂයේ ලෝක ළමා දින සැමරුමට සමගාමීව දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ ළමා දින සැමරුම් උත්සවය 2019/10/03 වන දින දෙල්තොට ශ්‍රී රතනාශ්‍රම විහාරස්ථ ප්‍රධාන ශාලාවේදී ප්‍රාදේශීය ලේකම් තුමන් ඇතුලු ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

මෙහිදී පැමිණ සිටි දරු දැරියන්ගේ කුසලතාවන් එළිදැක්වෙන විවිධ අංග ඉදිරිපත් කරන ලද අතර, ආරාධිතයින් විසින් මෙම වැඩසටහනට සමගාමීව පවත්වන ලද ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ප්‍රථම,දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් දරු දැරියන් හට ත්‍යාග සහ සහතිකපත්‍ර බෙදා දීමද ආරාධිතයින් විසින් සිදුකරන ලදී.

මීට අමතරව දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ අවස්ථාවද උත්සවයේ විශේෂ අවස්ථාවක් ලෙස දක්නට ලැබුණි.

childrens day 20191003 01
childrens day 20191003 02

දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  තෛයිපොංගල් උත්සවය සැමරිම

දෙල්තොට ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් 2019.01.21 දින  කාර්යාල පරිශ්‍රෙය් පවත්වන ලද තෛයිපොංගල් උත්සවයේ ජායාරූප පහත  දක්වා ඇත.

 

 

 

 

News & Events

09
මාර්2026
තෛපොංගල් උත්සවය (2026)

තෛපොංගල් උත්සවය (2026)

තෛපොංගල් උත්සවය දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්...

09
මාර්2026
2026  නව වසර ආරම්භය..!

2026 නව වසර ආරම්භය..!

2026  නව වසර ආරම්භය..! දෙල්තොට සහකාර ප්‍රාදේශීය...

Scroll To Top